යුරෝපීය රටවල් රැසක කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනයට අදාළ නීති දැඩි කිරීමට අවධානය

23

යුරෝපීය රටවල් රැසක කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ නීති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
ඒ කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානම හේතුවෙන්.
ස්පාඤ්ඤය සහ ජර්මනිය දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති බව සදහන්.
කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ සඳහා මෙලෙස දැඩි නීති පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට යුරෝපීය කලාපයට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.
ඒ අනුව ජනතාව එකරාශී වීම ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය එම රටවලින් ඉල්ලා තිබෙනවා.

Your Comments