යුරෝපයේ බාහිර දේශසීමා වසා දැමේ
කොරෝනා වෛරසය අමෙරිකාවේ ප්‍රාන්ත 50ටම පැතිර යයි

70

යුරෝපා සංගමයේ රටවල් විසින් සිය බාහිර දේශසීමා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව දින 30ක කාලයක් සදහා යුරෝපා සංගමයට අයත් රටවල්වලට භාහිර රටවලින් පුද්ගලයින්ට ඇතුළු වීම තහනම් වනු ඇති.
මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ යුරෝපයයි.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉතාලිය තුළ මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද මේ වන විට 2500 ඉක්මවා ඇති අතර, ගත වූ පැය 24ක කාලය තුළ මරණ 345ක් වාර්තා වී තිබූ බව සදහන්.
එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 31,506ක්.
ඉතාලියට අමතරව වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇති අනෙක් යුරෝපා රාජ්‍ය වන්නේ ස්පාඥ්ඥයයි.
එරටින් මේ වන විට ආසාදිතයින් 11,826 දෙනෙකු වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 533ක්.
ප්‍රංශයෙන් පුද්ගල මරණ 175ක් ද, ජර්මනියෙන් පුද්ගල මරණ 26ක් ද වාර්තා වී තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුළ චීනයෙන් කෝරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දෙනෙකු හදුනා ගෙන ඇති අතර, පුද්ගල මරණ 11ක් සිදුව ඇති බව සදහන්.
ඒ අනුව එරටින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80 දහස් 894ක්.
මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3 237ක් බව සදහන්.
ආසාදිතයින් අතරින් පුද්ගලයින් 69,614 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
වෛරසය හේතුවෙන් ඉරානයේ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 988ක්.
මේ අතර, කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියය ඉක්මවා තිබෙනවා.
එරටින් නව මරණ 29ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 115 ක්.
මේ වන විට ඇමෙරිකාව තුල කෝවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වු පුද්ගලයන් හය දහස් පන්සිය නව දෙනෙකු හදුනා ගෙන ඇති බව සදහන්.
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 තුලින්ම වෛරසය ආසාදනය වුවන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
කොරෝනා වෛසරය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගල මරණ 7989ක් සිදුව තිබෙනවා.
වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක් 1,98,619ක්.

Your Comments