යුද්ධය නවත්වන්නැයි පාප් වහන්සේ රාජ්‍ය නායකයන් ඉදිරියේ වැඳ වැටී ඉල්ලයි.! (VIDEO)

44

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රාජ්‍ය නායකයන් පිරිසක් ඉදිරියේ දණින් වැටී ඉල්ලීමක් කළා.

ඒ සිවිල් යුද්ධය නතරකොට දකුණු සුඩානයේ සාමය ආරක්ෂා කර දෙන ලෙසයි.

දකුණු සුඩානයේ ජනාධිපති, උප ජනාධිපති ඇතුලු නායකයින් ඇතුළු පිරිසක් සමග පාප් වහන්සේ ඊයේ සාකච්ජාවක් පැවැත්වූවා.

ඒ අතරතුරේ දී ලෝක සාමය අපේක්ෂාවෙන් අති උතුම් පාප් වහන්සේගේ ආයාචනය ලෝක ප්‍රජාවගේ මහත් අවධානයට පාත්‍ර වුණා.

“මම ඔබගෙන් සහෝදරයෙකු ලෙස ඉල්ලා සිටින්නේ සාමයේ රැඳී සිටිනා ලෙසයි.
මාගේ හදවතින්ම මම එය ඔබගෙන් ඉල්ලමි”

82 හැවිරිදි උන් වහන්සේගේ මෙම ක්‍රියාව මහත් සංවේදී වූවා.

වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයන් පිරිසකගෙන් පාප් වහන්සේ කළ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රජයක් පිහිටුවා ගැනීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමටත් පිරිස කටයුතු කළා.

Your Comments