යුක්රේන ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 44කගෙන් නාම යෝජනා

9

යුක්‍රේන ජනාධිපතිවරණය සදහා මේ වන විට ජනාධිපති අපේක්ෂකයින් හතලිස් හතර දෙනෙකු නාම යෝජනා ලබා දී ඇති බව වාර්තා වනවා.
යුක්‍රේන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ මෙය මැතිවරණ ඉතිහාසයේ වර්තා වූ වැඩිම ජනපති අපේක්ෂකයින් ගණන බවයි.
යුක්‍රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ, එරට විපක්ෂ නායක යුලියා ටිමොෂෙන්කෝ සහ එරට රංගන ශිල්පියෙකු වන වොලොඩිමිර් සෙලෙන්ස්කි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
යුක්‍රේන ජනාධිපතිවරණය මාර්තු මාසයේදී පැවැත්විමට නියමිතයි.

Your Comments