යාත්‍රාවක් අනතුරකට පත් වී හොන්ඩුරාස් හි 26 දෙනෙකු මරුට

19

හොන්ඩුරාස් රාජ්‍යයේ මුහුදු සීමාවේදී ධීවර යාත්‍රාවක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 47 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර එම අනතුරට පෙර එම මුහුදු සීමාවේදීම තවත් යාත්‍රා අනතුරක් සිදුව ඇති බව සදහන්.

එහිදී පුද්ගලන් 40 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Your Comments