මියන්මාර වත්මන් හමුදා පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී නිදහස් කළ යුතු බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප්‍රකාශ කර තිබෙනවා .
වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ ලේකම් රාබ් මියන්මාර හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ” මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ගරු කරන ලෙසයි.
ටුවිටර් පනිවිඩයක් තබමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් වරයා වැඩිදුරටත් පවසන්නේ , අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ප්රජාතන්ත්රවාදය තලා දැමීමට හා විසම්මුතිය යටපත් කිරීමට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග සලකා බලමු ” යන්නයි .
මියන්මාරය තුල හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලදී , මේ වනවිට දෙදෙනෙකු මියගොස් ඇති අතර, විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ , හමුදා ක්‍රියාමාර්ගය නතර කර අවුන් සාන් සූ කී සහ ඇයගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ සාමාජිකයින් සමඟ ඇයව නිදහස් කරන ලෙසයි .
Your Comments