මියන්මාර වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ජගත් සංවිධානය අසල්වැසි රාජ්‍යන්ගෙන් ඉල්ලයි.

5

මියන්මාරයෙන් පලා යන සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නයි එක්සත් ජාතීන්ගේ කාර්යාල කලාපීය රටවලින් ඉල්ලීමක් කලා.

 

ජගත් මානව හිමිකම් කාර්යාලය සහ සරණාගත ඒජන්සිය පෙන්වා දෙන්නේ මියන්මාරයේ දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් ඉන් පලායන පිරිස් ඉහල යමින් පවතින බවයි.

ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ සහකාර මහ කොමසාරිස් ගිලියන් ට්‍රිග්ස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ වෙනත් රටක සරණාගතභාවය අපේක්ෂා කරමින් දේශ සීමාව හරහා යන ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි ලෙස පහසුකම් සලසන ලෙසයි.

මේ අතර මියන්මාරයේ ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම් සඳහා හමුදා පාලනය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා

එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් හමුදාවට එරෙහිව විරෝධතාවල නිරත ජනතාවට සටන් විරාමය අදාළ නොවන බවයි හමුදා පාලනය නිවේදනය කර ඇත්තේ.

 

Your Comments