මියන්මාර තරුණියගේ අවමංගල්‍ය උත්සවයට දහස් සංඛ්‍යාත පිරිසක් එක් වෙයි

19

විරෝධතා අතරතුරදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මියගිය මියන්මාර තරුණියගේ අවමංගල්‍ය උත්සවය සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී තිබෙනවා.

නේ පි ටෝ නුවරදී අවසන් කටයුතු පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදීත් විරෝධතා පාලනයට මියන්මාර පොලිසිය කල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා.

එරට දැනට පවතින තත්වය සම්බන්ධයෙන් ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුලු පාර්ශව රැසක් දැඩි කණස්සල්ල පළකර තිබෙනවා.

Your Comments