UPDATE : මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඩුවම්

26

දුෂණ චෝදනා හතකට වැරදිකරු ලෙස අධිකරණය තීන්දු කළ මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වන නජිබ් රසාක්ට වසර 12ක සිර දඬුවම් නියම වී තිබෙනවා.
ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා වන්නේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳ චෝදනා තුනක් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා තුනක් බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ
කෙසේ වෙතත් අදාළ චෝදනා හිටපු අගමැතිවරයා විසින් ප්‍රතික්ශේප කර ඇති බවයි වාර්තා වන්නේ.

 


මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් දුෂණ චෝදනා රැසකට වරදකරු වෙයි [Jul 28, 2020 at 15:32]

ඩොලර් මිලියන ගණනක දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ චෝදනා 07 ටම මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වරදකරු වී තිබෙනවා.
සාපරාධී විශ්වාසය කඩ කිරීම , මුදල් විශුද්ධිකරණය සහ බලය අයථා ලෙස භාවිතය ඇතුලු චෝදනා 07 ක් ඔහුට එරෙහිව ගොණු කර තිබුණා.
2009 වසරේ සිට 2018 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ සංවර්ධන අරමුදලකට ලැබුණු ඩොලර් මිලියන 10 ක් පුද්ගලික පරිහරණය සම්බන්ධයෙනුයි නජීබ් රසාක්ට එරෙහි ප්‍රධානතම චෝදනාව වන්නේ.
කෙසේවෙතත් තමාට එරෙහි චෝදනා මැලේසියා හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නජීබ් රසාක් නගා ඇති චෝදනා අනුව එක් චෝදනාවකට වසර 15 ත් 20 ත් අතර දක්වා වන සිර දඩුවම් ලබා දිය හැකි බව ද සදහන්.

Your Comments