මැරඩෝනා ගේ වෛද්‍යවරයාට එරෙහිව විමර්ශනයක්

19

සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයාට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මැරඩෝනා ගේ වෛද්‍යවරයා එම චෝදනා ප්‍රතික්ශේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී මිය ගොස් තිබුණා.

පොලිස් නිළධාරීන් 30 දෙනෙකු පමණ ඊයේ දිනයේදී වෛද්‍යවරයාගේ නිවස පරීක්ෂා කර ඇති අතර තවත් 20 ක් පමණ ඔහුගේ සායනය සෝදිසි කර ඇති බවයි ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කළේ.

Your Comments