මාස තුනකට පසු නවසීලන්තයට යලිත් කොරෝනා අවධානමක්

25

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් නව කොරෝනා රෝගීන් 14ක් හදුනාගෙන තිබෙනවා.

මෙම රෝගීන් වාර්තාවන්නේ එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් ලොක්ඩවුන් කිරීමෙන් අනතුරුවයි.

මාස 3කට ආසන්න කාලයක් එරට තුලින් රෝගීන් වාර්තා නොවූ පසුබිමක දින කිහිපයකට පෙර එකම පවුලේ සාමාජිකයින් 4කට කොරෝනා ආසාදනය වීමත් සමඟ එරට රජය අවදානම් තත්ත්වයක් ලෙසට සලකා ඕක්ලන්ඩ් නගරය තුල මේ වන විට සංචරණ සීමා පනවමින් සමාජ දුර්ස්තභාවය සම්බන්ද නීති රීති දැඩි කර තිබෙනවා.

කොරෝනා ආසාදනය වූ පවුලේ සාමාජිකයන් ආශ්‍රය කල පුද්ගලයින් 13 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවයි වර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නවසීලන්ත අගමැති ජසින්දා ආර්ඩන් පවසන්නේ මතුව තිබෙන තත්ත්වය බරපතල බව තේරුම් ගෙන සිටින බවත් නිසි ක්‍රමවේදයකට අනුව මෙම තත්වය පලනය කිරීමට රජයක් වශයෙන් කටයුතු කරන බවත්ය.

මේ වන විට ඕක්ලන්ඩ් නගරයෙන් වාර්තා වන රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර ඇති බව එරට රජය පවසනවා.

එමෙන්ම මේ වනවිට පවතින කොරෝනා රැල්ල තවදුරටත් වර්ධනය නොවී පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද රජය වැඩි දුරටත් ප්‍රකාශ කලා.

Your Comments