මහා බාධක කොරල්පරයෙන් අඩකට හානි

21

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව අධ්‍යනයකින් හෙලිව තිබෙනවා.

එම වාර්තාවෙන් දැක්වෙන්නේ දේශගුණික විපර්යාස ඊට හේතු වී ඇති බවයි.

1995 වර්ෂයේ සිට 2017 දක්වා කාලය තු මහා බාධක කොරල් පරයේ දැඩි විනාශකාරී තත්වයක් නිරීක්ෂණය වී ඇති බව නවතම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

කාර්මීකරණය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

එම අගය තවත් දශම 5 කින් පමණ ඉහළ ගියහොත් ලොව සමස්ත කොරල්පර වලින් සියයට 90ක් පමණ විනාශ වි යනු ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

Your Comments