මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවකයින් ගෙන් පාලනාධිකාරයට ලිපියක්

37

අමෙරිකාවේ දේශ සීමා ආරක්ෂණ ඒජන්සිය සමග පවත්වන වැඩකටයුතු වහා නවතා දමන ලෙස බල කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවකයින් විසින් පාලනාධිකාරයට ලිපියක් භාර දී තිබෙනවා.
සේවකයින් සිය දෙනෙකු අත්සන් කළ ලිපියක් එලෙස භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ මකික්‍රොසොෆ්ට් ආයතනයේ තාක්ෂණය භාවිත කරමින් මෙක්සිකෝ දේශසිමාවේ අනවසර සංක්‍රමණිකයින්ගේ දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීමේ වැඩසටහනට දායකත්වයක් ලබා දෙන බවයි.
අමෙරිකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව සහ වෙනත් සංක්‍රමණිකයින් සම්බන්ධ ආයතන සමග මයික්‍රොසොෆ්ට් සමාගම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 19.4 ක ගිවිසුමක් අත්සන් තබන බව සඳහන්.

Your Comments