මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක පිපිරීමක් – 15 ක් මරුට

8

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන ඇක්වටෝරියල් ගිනීයා හි සිදු වූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 500 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

එහි ප්‍රධාන නගරයක් වන බාටා නගරයේ හමුදා කඳවුරක් අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නොසැලකිලිමත් ලෙස ඩයිනමයිට් ගබඩා කර තිබීම හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

නගරයේ සියලුම නිවාස හා ගොඩනැගිලිවලට පිපිරීමෙන් හානි සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගොවින් විසින් ඩයිනමයිට් ගබඩා ආසන්නයේ සිදු කළ ගිණිතැබීම් හේතුවෙන් මෙම පිපිරීම් සිදුවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

Your Comments