මධ්‍යධර්ණි මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි සංක්‍රමණිකයින් 149ක් බේරාගනී

7

මධ්‍ය ධරණී මුහුදේ දී අනතුරට ලක් වූ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක සිටි පුද්ගලයින් 149 දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම යාත්‍රාවේ පුද්ගලයින් 169 දෙනෙකු සිට ඇති අතර ඉන් 20 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව සදහන්.
මුදාගත් පිරිස අතර කාන්තාවන් සහ කුඩා ළමුන් 13 දෙනෙකු ද වන බවයි වාර්තා වුණේ.

Your Comments