මත්පැන් විෂ වී මරණ 100යි

27

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මත්පැන් විෂවීමකින් මිය ගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 200 දෙනෙකු පමණ රෝහල්ගතව ඇති බවයි.

මියගිය අය අතර කාන්තාවන් ද සිටින බව සඳහන්.

මීට සති දෙකකට පෙරද ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ උත්තර්ඛාන්ද් ප්‍රදේශ් හි මත්පැන් විෂවීමකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මියගියා.

Your Comments