මගී නෞකාවක තල්මසෙකු ගැටී 87කට තුවාල – 13කට බරපතලයි

52

මගී නෞකාවක තල්මසෙකු ගැටීමෙන් පුද්ගලයන් 87 දෙනෙකු තුවාල ලබා ඇති අතර 13කගේ තත්වය බරපතල බව වාර්තා වනවා.

අනතුර සිදුව ඇත්තේ ජපාන මුහුදු තීරයේදී.

ජපානයේ නයිගාටා (Niigata) වරායේ සිට සාඩෝ දිවයින බලා ගමන් ගත් අධිවේගී මගී නෞකාව තල්මසෙකුගේ ගැටීමෙන් බඳෙහි සෙන්ටිමීටර 15ක පමණ කොටසකට හානි සිදුව තිබෙනවා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සමග මගීන් 121 දෙනෙකු සහිත ගින්ගා නම් නෞකාව පැය දෙකකට ආසන්න කාලයකින් ගමනාන්තයට ළඟා වීමට ආසන්නව සිටියදී අනතුරට ලක්වූ බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

පැයට කිලෝමීටර 80ක පමණ වේගයකින් ගමන් කළ හැකි මෙම නෞකාව නැංගුරම් දැමීමේදී ද ජැටියේ ගැටී තිබෙනවා.

Your Comments