මගීන් 150ක් සමග බෝයිං 737 යානයක් අනතුරකට ලක්වෙයි – 22කට තුවාල

630

මගීන් 150ක් සමග බෝයිං 737 යානයක් ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් ගඟකට වැටී තිබෙනවා.

අනතුර වාර්තාවන්නේ ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් (Florida, Jacksonville) ප්‍රදේශයෙන්.

කියුබාවේ (Cuba) සිට පැමිණි යානය Jacksonville නාවික ගුවන් තොටුපළට පිවිස ඇත්තේ ඊයේ රාත්‍රී 9.40 ට පමණ.

එහිදී යානය ධාවන පථයෙන් ඇදී ගොස් ශාන්ත ජෝන්ස් ගංගාවට (St. Johns River) වැටී තිබෙනවා.

අනතුරට හේතුව රළු කාලගුණික තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

Your Comments