භාණ්ඩ ඇසුරුමක් මත තිබූ සජීවී කොරෝනා වෛරස සාම්පලය

38

අපනයන භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවි නව කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගැනීමට චීනය සමත්ව තිබෙනවා.

ඒ, ක්වින්ඩාවෝ ප්‍රදේශයෙන්.

එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ ක්වින්ඩාවෝ නගර කළාපයෙන් පසුගිය දින කිහිපයේ දී ආසාධිතයින් කිහිප දෙනෙකු හදුනා ගත් බවයි.

ඒ අනුව සිදු කළ පරීක්ෂණයකදී වෛරස සාම්පලය හමුව තිබෙනවා.

එය ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් බවයි සෞඛය අංශ සඳහන් කළේ.

භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවි නව කොරෝනා වෛරස සාම්පලයක් සොයාගෙන ඇත්තේ ලොව පළමු වරට බව ද විදෙස් මාධ්‍යවල සඳහන්.

Your Comments