බ්‍රිතාන්‍ය රජ කිරුළට තවත් උරුමක්කරුවෙක්

23

මහා බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් ආදිපාදවරියවන මේගන් මර්කල් කුමරිය පිරිමි දරුවෙකු බිහිකළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු ප්‍රකාශයට පත්කළා.
එම ප්‍රකාශය නිකුත් කරමින් හැරී කුමරු සඳහන් කළේ පුත් කුමරාගේ මෙලොව එළිය දැකීම තමන් ඉතාමත් ප්‍රීතියෙන් සමරන බවයි.
තමන් සමඟ සිටි ජනතාවට උපහාරය පුදකළ හැරී කුමරු සඳහන් කළේ පුත් කුමරා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
මහා බි්‍රතාන්‍ය වෙලාවෙන් උදෑසන 05.26ට ඔටුන්නේ නව උරුමක්කාරයා මෙළොව එළියදුටු බවයි රජමාලිගය තහවුරු කළේ.
නව කුමරු සැළකෙන්නේ මහා බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි 7 වැනියා ලෙසයි.
අලුත උපන් කුමරාගේ බර රාත්තල් 7 යි අවුන්ස 3 ක් බවයි බකිංහැම් මාලිගය තහවුරු කරන්නේ.

Your Comments