බ්‍රිතාන්‍ය මහරැජින රජපවුලේ රැස්වීමක් කැඳවයි

25

බ්‍රිතාන්‍ය මහරැජිණ විසින් රජ පවුලේ රැස්වීමක් කැදවා තිබෙනවා.
ඒ, සසෙක්ස් හි ආදිපාදවරයා හෙවත් හැරී කුමරු සහ ඔහුගේ මෙහෙසිය වන මේගන් මාකල් වගකීම්වලින් නිදහස් වීමට තීරණය කිරීමත් සමඟ පැන නැගී ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.
ඒ සඳහා චාල්ස් කුමරු, විලියම් කුමරු, හැරී කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් සහභාගි වන අතර, දැන් කැනඩාව බලා ගොස් සිටින මේගන් ඊට සහභාගි වනු ඇත්තේ දුරකථන මාර්ගයෙන්.
ජ්‍යෙෂ්ඨ රාජකීයන් ලෙස සිය වගකීම්වලින් කොටසක් මුදා හැරීමටත් මූල්‍යමය වශයෙන් ස්වාධීනවීමටත් අපේක්ෂා කරන බව හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය දා ප්‍රකාශ කළා.
මහරැජිණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඔවුන් පිළිබද අවසන් තීරණයකට එළඹෙනු ඇති.

Your Comments