බ්‍රිතාන්‍යය ළමුන්ට ඇස්ට්‍රාසෙනෙකා තහනම්

6

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත කුඩා ළමුන්ට ලබා දීම තහනම් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා.

එරට සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ මෙම එන්නත වැඩහිටියන්ට ලබා දීමෙන් පසු රුධිරය කැටි ගැසීම වැනි සංකූලතා ඇති වු බැවින් මෙම තාවකාලික තහනම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය ඇන්ඩෘ පොලාඩ් බීබීසි ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කලේ එන්නතේ සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් විභාග වන නඩුවෙන් යහපත් තීන්දුවක් බලාපොරොත්තු වන බවයි.

බ්‍රිතාන්‍යයේ මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් භාවිතය සිදු වන අතර එම එන්නත් මොඩර්නා සමාගම විසින් අනුමත කර තිබෙනවා.

 

Your Comments