බ්‍රිතාන්‍යයේ දෛනික ආසාධිතයින් ගණන දස දහස ඉක්මවයි

11

දිනකට කොවිඞ් ආසාධිතයින් දස දහසකට වැඩි පිරිසක් අඛණ්ඩව වාර්තා වෙමින් පවතින බව එක්සත් රාජධානිය පවසනවා.

ලන්ඩන් බලධාරීන් සඳහන් කළේ කොරෝනා වෛරස පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගින් රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මධ්‍යම දත්ත පද්ධතිය නිසි ලෙස යාවත්කාලින වී නොමැති බවයි බි්‍රතාන්‍ය රජය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.

Your Comments