බර්කිනා ෆාසෝ හි දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

14

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බර්කිනා ෆාසෝ හි දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේදී දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් දේවගැතිවරයෙකු ඇතුලු හයදෙනෙකු මියගොස් තිබෙනවා.
ඩබ්ලෝ නුවර පිහිටි මෙම දේවස්ථානයට කඩාවැදුනු තුවක්කුකරුවන් පැමිණ සිටි පිරිසට වෙඩි තබා පසුව දෙව් මැදුරට ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගතවූ සති පහක කාලය තුළ එරට කතෝලික දේවස්ථානවලට එල්ලවූ තෙවන ප්‍රහාරය මෙය වනවා.

Your Comments