බයිඩ්න් දිවුරුම් දීමට හෝරා කිහිපයයි.- ට්‍රම්ප් සංචරණ සීමා ඉවත් කිරීමේ සුදානමක

10

ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපති ධුරයේ හෙට දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාරම්භක දිනයේ උදෑසන ධවල මන්දිරයෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇති අතර බයිඩ්න්ගේ උත්සවයට සහභාගී නොවන බවට ඔහු මිට පෙර ප්‍රකාශ කර තිබුණා.
ඔහු ෆ්ලොරීඩාවට පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බවයි විදෙස් මාධන්‍ වාර්තා කලේ.

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය ඒ සදහා සුදානම් වන ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එක් කර තිබුණා.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්ව යෑමට පෙර එළඹෙන 26දා සිට බලපැවැත්වෙන පරිදි බොහෝ ප්‍රදේශවලට පනවා ඇති කොරෝනා වෛරසය ආශ්‍රිත සංචරණ සීමා ඉවත් කිරීමට සුදානම් වන බවට ද වාර්තා පල වනවා.

කෙසේ වෙතත්, ඉදිරියේදී දිවුරුම් දෙන එක්සත් ජනපද නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය පවසන්නේ එම නියෝගය ක්‍රියාත්මක නොකරන බවයි.
මේ අතර, ප්‍රචණ්ඩත්වය කිසි විටෙකත් පිළිතුරක් නොවන බව සඳහන් කරමින්, ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් මිනිත්තු හයක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ ඇය ධවල මන්දිරයෙන් ඉවත්ව යාමට දින දෙකකට පෙරදියි.

Your Comments