බයිඩ්න්ට සහ කමලාට මෝදිගෙන් සුබපැතුම්

12

අමෙරිකාව සමග පවතින සබඳතා තවත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට කැපවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
අමෙරිකා ජනාධිපතිවරණ ජයග්‍රාහක ජෝ බයිඩ්න් සමග පැවති දුරකථන සංවාදයකදී මෝදි මේ බව සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරයා එහිදී බයිඩ්න් සහ උප ජනාධිපති ධුරයට නම් කර ඇති කමලා හැරිස්ටද සුභ පැතුම් එක් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දු – අමෙරිකා ප්‍රජාව වෙනුවෙන් කමලාගේ නව තනතුර ඉදිරියටත් යොදා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජෝ බයිඞ්න්ට දන්වා ඇත්තේ.

Your Comments