බයිඩන්ගේ දිවුරුම අභියස සී.අයි.ඒ ප්‍රධානි ඉල්ලා අස්වෙයි

24

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂ ජිනා හස්පෙල් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත්තේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බව ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉලා අස්වීමට හේතුව දක්වා නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජිනා හස්පෙල් ට්‍රම්ප්ගේ ධුරයේ අවසන් වසර තුළ ඔහුත් සමග දැඩි සම්බන්ධයකින් කටයුතු කර ඇති බවයි.

Your Comments