පෝලන්ත ජනාධිපතිටත් කොරෝනා

22

පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රසේ ඩූදා ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත් 48 හැවිරිදි පෝලන්ත ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි පෝලන්ත මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ජනාධිපතිවරයා වෛරසයට ගොදුරු වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ.

දෙවැනි කොවිඩ් රැල්ලට මුහුණදී සිටින පෝලන්තයෙන් ඊයේ දිනයේ දී පමණක් නව ආසාදිතයන් 13,600 ක් වාර්තා වුණා.

Your Comments