පොලිස් ස්ථානයක සියලු නිලධාරීන් පොලිස් අත්අඩංගුවට

27

පොලිස් ස්ථානයක සේවය කළ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා.ඒ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මෙය වාර්තා වන්නේ මෙක්සිකෝවේ ඔකම්පෝ නුවරින්.

එහි නගරාධිපති ධුර අපේක්ෂකයෙකු ඝාතනය කිරීම පොලිසියට එල්ල වී ඇති චෝදනාවයි.

64 හැවිරිදි අපේක්ෂකයා වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.

ජුලි පළමු වන දා එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මේ වනවිට දේශපාලඥයින් සිය දෙනෙකු පමණ ඝාතනයට ලක්ව තිබෙනවා.

Your Comments