පෙන්ටගනය දකුණූ කොරියාවේ යුද අභ්‍යාස දෙකක් අත්හිටුවයි

41

දකුණු කොරියාව සමග ඒකාබද්ධව ඉදිරි මාස 3 ඇතුළත පැවැත්වීමට සැළසුම්කර තිබූ සාගර යුධ අභ්‍යාස 2ක් නැවැත්වීමට පෙන්ටගනය පියවර ගෙන තිබෙනවා.

ඒ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙයසි.

සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියාවට සහය ලබා දෙමින් මෙම යුධ අභ්‍යාසය තාවකාලිකව අත්හිටුවන බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.

මේ අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික ශක්තිය තවදුරටත් අසාමාන්‍ය තර්ජනයක් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

උතුරු කොරියාවට යළි ආර්ථික සම්බාධකවලට මුහුණදීමට සිදු වන අතර එවැනි තර්ජනයකට ඔවුන් මුහුණදීමේ සුදානම තවදුරටත් ඇති කර ගත යුතු බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය දා අමෙරිකානු ජනාධිපතිවරයා, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ පැවත සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු කොරියාවෙන් තවදුරටත් න්‍යෂ්ටික තර්ජනයක් එල්ල නොවනු ඇති බවයි.

Your Comments