පුද්ගලයෙකු මිය ගියද බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නතේ සායනික අත්හදා බැලීම අඛණ්ඩව

28

කොවිඩ් වෛරසයට එරෙහිව නිපදවු එන්නතක් සායනික අත්හදා බැලීමක දී පුද්ගලයෙකු මිය ගිය ද එහි ඉදිරි කටයුතු අත්හිටුවීමට තීරණය කර නොමැති බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය පවසනවා.

බ්‍රිතාන්‍යය ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා සමාගම හඳුන්වා දුන් කොවිඩ් මර්දන එන්නත සායනිකව අත්හදා බැලීමේදී මතුවූ සංකූලතා හේතුවෙන් බ්‍රසීල ජාතිකයෙකු මියගොස් තිබුණා

එය සැලකෙන්නේ සායනිකව අත්හදාබැලීම් සිදුකළ කොවිඩ් මර්දන එන්නතක් හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ලෙසයි.

මියගොස් ඇත්තේ ඊට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 28 හැවිරිදි තරුණයෙක්.

මීට පෙරද මෙම එන්නත සායනිකව අත්හදා බැලූ පුද්ගලයෙකුට සංකූලතා මතුවූ අතර, එන්නතේ පරීක්ෂණ කටයුතු ඒ අනුව මාසයකට ආසන්න කාලයක් අත්හිටුවා තිබුණා.

Your Comments