පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

21

පිලිපීනයේ ලූසෝන් දිවයිනට ආසන්නයේ අද අලූයම සිදු වු භූ කම්පනයෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
රික්ටර් පරිමාණයේ 6 යි දශම 1ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය මගින් එහි ගුවන් තොටුපළකට ද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ගොඩනැගිලි සුන්බුන් අතර, සිර වූ පුද්ගලයන් ඉවත් කර ගැනීම තවදුරටත් සිදුවන බව සදහන්.

Your Comments