පැය 48ක් තුළ කුඩා දරුවන් 36ක් මරුට

203

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැය 48 ක් ඇතුළත කුඩා දරුවන් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දරුවන් මෙසේ මිය ගොස් ඇත්තේ හයිපෝ ග්ලයිසීමියා හෙවත් රුධිරයේ සීනි මට්ටම පහත වැටීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
මෙම රෝගයට ගොදුරු වූ තවත් දරුවන් 133 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
බිහාර් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශ කිහිපයක ජීවත් වූ අවුරුදු 15 ට අඩු දරුවන් මෙලෙස රෝගී වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් එකවර  දරුවන් රැසක් මෙම තත්ත්වයට ගොදුරුවීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

Your Comments