පාසල් 15ක දරුවන්ට වමනය – මැලේසියාවේ පාසල් 400ක් වහා වසා දැමෙයි

28

මැලේසියාවේ Johor ප්‍රාන්තයේ පාසල් 400ක් වහා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

බලධාරීන් මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ සිසුන් 75කට වැඩි පිරිසකට වමනය සහ ශ්වසන අපහසුතා වාර්තාවීමත් සමගයි.

ප්‍රදේශයේ පරිසරයට හදිසි දූෂණ ත්තවයක් හටගෙන ඇති බවටයි වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයේ පැසිර් ගුඩාන්ග් (Pasir Gudang) කාර්මික කලාපය ආශ්‍රිත පාසැල් 15ක පමණ දරුවන් රැසක් හදිසියේ රෝගාතුරව ඇති බවයි මැලේසියානු බලධාරීන් දක්වා ඇත්තේ.

දරුවන් පිරිස රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව එම පාසල් සහ අවට කලාපයේ පාසල් 400කට අධික ප්‍රමාණයක් බ්‍රහස්පතින්දා දක්වා වසා දැමුණා

ඊට ප්‍රාථමික හා ද්විතීයික පාසල් 100කට වැඩි ප්‍රමාණයක් සහ පෞද්ගලික බාලාංශ පාසැල් 300ක් ඇතුළත්.

පසුගිය මාර්තු මාසයේ දී මෙම කාර්මික කලාපයෙන් රසායනික අපද්‍රව්‍ය ටොන් 40ක පමණ තොගයක් ගඟකට මුදා හැර තිබුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 4,000කට වැඩි පිරිසක් රෝගාතුරවූ බවටයි වාර්තා වුයේ.

කෙසේ වෙතත් නවතම සිද්ධිය සහ පසුගිය සිද්ධිය අතර සම්බන්ධයක් මේ වනතුරු අනාවරණ වී නැහැ.

 

Your Comments