පාසල් 111ක් හදිසියේ වසා දැමෙයි

83

පාසල් 111ක් හදිසියේ වසා දමා තිබෙනවා. ඒ විෂ වායුවකින් බලපෑම් එල්ලවීම හේතුවෙන්.

මෙලෙස වසා දමා ඇත්තේ මැලේසියාවේ දකුණු ජෝහොර් (Johor) පළාතේ Pasir Gudang ප්‍රදේශයේ පාසල්.

මේ වනවිටත් පාසල් ළමුන්, ගුරුවරුන් ඇතුළු 500කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

ඉන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

එරට ආපදා කළමනාකරණ ආයතනය පැවසුවේ Pasir Gudang කාර්මික කලාපයෙන් විෂ රසායනික අපද්‍රව්‍ය තොගයක් ගංගාවකට මුදා හැර ඇති බවයි.

විෂ අපද්‍රව්‍ය හේතුවෙන් විශාල පිරිසක් රෝගී තත්ත්වයට පත්ව තිබෙනවා.

අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

පසුගිය සතියේ දී කාර්මික කලාපයෙන් අන්තරායකාරී දුමාරයක් ද නිකුත්ව තිබුණා.

Your Comments