පාප්වහන්සේ මොසුල් නගරයේ යාඥාවක

10

ඉරාකයේ සංචාරයක නිරත ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ අයි එස් සටන්කාමීන් විසින් කරකෝෂ් කතෝලික ජනතාව රඳවාගෙන සිටින උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී උන්වහන්සේ අයි එස් සටන්කාමීන්ගේ බලකොටුවක් බවට පත්ව තිබූ මොසුල් ප්‍රදේශයේ පිහිටි විනාශ වී ගිය කතෝලික දේවස්ථානයක යාඥා මෙහෙයක ද නිරත වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අවස්ථාවට කොරෝනා නීති මධ්‍යයේ වුව ද සැලකිය යුතු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්’ එය ඉරාකය තුළ නව කොරෝනා පොකුරක් නිර්මාණය වනු ඇත්දැයි යන්න සැක මතුවන සිද්ධියක් බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ.

Your Comments