පාප්වහන්සේටත් කොරෝනා එන්නත

4

කොරෝනා ආසාදනය වැළැක්වීමේ එන්නත ඉදිරි සතියේදී ලබාගැනීමට තමන් අපේක්ෂා කරන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළා.

තමන්ගේ පමණක් නොව අන් අයගේ ජීවිත ද ආරක්ෂා කිරීම සඳහා කොරෝනා එන්නත ලබා ගන්නා ලෙසයි වතිකානුවේ සිට උන්වහන්සේ ආයාචනා කළේ.

කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකීම තමන්ගේ පමණක් නොව අන් අයගේ ජීවිත ද අවදානමට ලක් කරන කරුණක් ලෙසයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

84 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කුඩාකල සිය මව්රට වූ ආර්ජන්ටිනාවේදී පෙනහැල්ලෙන් කොටසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට ලක්වූ නිසා උන්වහන්සේට කොරෝනා ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සඳහන්.

Your Comments