පාකිස්තාන මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් තවදුරටත් ඉදිරියෙන්

56

පාකිස්තාන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද විය හැකි බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පරිගණක දත්ත උපයෝගී කර ගනිමින් ගණනය කිරීමේ කටයුතු සිදු කළ ද එම කටයුතු බිඳවැටීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

මේ අතර, ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට ඇතැම් ප්‍රබල දේශපාලනඥයින් ප්‍රයත්න දැරූ බවට එරට මානව හිමිකම් කොමිසම පවසනවා.

කෙසේ වෙතත්, මේ වන විට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරණ පාකිස්තාන
තරික් ඊ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි පක්‍ෂය ඉදිරියෙන් පසු වන බව සඳහන්.

ඒ අනුව, ඔවුන් මේ වන විට ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 272 න් 113 කම බලය හිමිකරගෙන තිබෙනවා.

පාකිස්තාන මුස්ලිම් ලීගය ආසන 65 ක් දිනාගෙන ඇති අතර, මෙතෙක් ගණනය කර ඇත්තේ ඡන්ද මධ්‍යස්ථානවලින් සියයට 34 ක ප්‍රතිඵල පමණක් බවයි වාර්තාවන්නේ.

ඊයේ දින ඡන්ද විමසීමේ කටයුතු පැවැත් වූ අතර, මිලියන 106 කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණා.

Your Comments