පාකිස්තානයේ ආගමික පාසලක් තුළ පිපිරීමකින් 7 දෙනෙකු මියයයි

10

පාකිස්තානයේ ආගමික පාසලක් තුළ පිපිරීමක් සිදුව තිබෙනවා.

එරට පොලීසිය පවසන්නේ පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

රෝහල් බලධාරීන් උපුටා දක්වමින්බී බී සී පුවත් සේවය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 20 ත් 30 ත් අතර වියෙහි පසුවන්නන් බවයි.

අවුරුදු 13 ට අඩු දරුවන් සිව් දෙනෙකු ද ඒ අතර වනවා.

ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ පිහිටි පේෂාවර් නගරය තුළ සිදු වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ වනතෙක් කිසිවෙක් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

 

 

Your Comments