ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර හමුදාවෙන් ඉල්ලයි

12

ප්‍රචණ්ඩත්වය නතර කර වහාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාර හමුදා පාලන රජයෙන් ඉල්ලා සිටිනවා.

46 වන මානව හිමිකම් සැසිවාරයේ සමාරම්භක දේශනය සිදුකරමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් සඳහන් කළේ නූතන ලෝකය තුළ කුමන්ත්‍රණකරුවන්ට ඉඩක් නොමැති බවයි.

අන්තාර්ජාලය ඔස්සේ සිය දේශනය සිදුකළ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වැඩිදුටත් සඳහන් කළේ ප්‍රචණ්ඩත්වය නතර කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහකයින් තෝරාගන්නා රාජ්‍ය නායකයෙකු

පත් කර ගැනීම සඳහා වහාම අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසයි.

කෙසේ වෙතත් අද දිනයේ ද මියන්මාරයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර බොහෝ ප්‍රදේශවල ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

අත්අඩංගුවට පත්ව ඇති මියන්මාර නායිකා අවුන්සාන් සුකී නිදහස් කරන තුරු සිය විරෝධතාවන් අඛණ්ඩව සිදුකරන බවයි විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් ප්‍රකාශ කරන්නේ.

Your Comments