ප්‍රංශය තුන්වන වරටත් හුදකලා කෙරේ

3

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ තුන්වන රැල්ලක් පිළිබඳ පවතින අවධානම හේතුවෙන් ප්‍රංශය තුන්වන වරටත් හුදකලා කර තිබෙනවා.

එරට ජනාධිපති එමානුවෙන් මැක්රොන් ප්‍රකාශ කළේ පාසල් ද සති තුනක කාලයක් වසා තබන බවයි.

කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වීමත් සමග මෙම පියවර ගනු ලැබූ අතර එරට වාර්තා සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල රෝගී සත්කාරක සේවාවන් ද බිඳවැටී ඇති බවයි.

රටේ ආර්ථිකය ක්‍රියාකාරීව පවත්වා ගැනීම සඳහා රට හුදකලා නොකිරීමට ජනාධිපති මැක්රොන් ගත් උත්සාහය අසාර්ථක වුණේ එන්නත්කරණ ක්‍රියාවලිය මන්දගාමීව සිදුවීම නිසා වැඩි වශයෙන් රෝගීන් වාර්තා වීම වැනි තත්ත්වයන් තුළයි.

Your Comments