ප්‍රංශයේ විරෝධතා තවදුරටත්

11

ප්‍රංශයේ පැරිස් අගනුවර කහ කබා විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින්.
විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
විරෝධතාවයේ නිරත වූවන් ප්‍රංශ රාජ්‍ය රූපවාහිණී සේවාවන් ඉදිරිපිට දී ද විරෝධතාවන් හි නිරතව ඇති බව සදහන්.
පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට සෑම සති අන්තයකම ප්‍රංශය පුරා මෙලෙස විරෝධතා පැවැත්වෙනවා.

Your Comments