පරිසර ඇමති තනතුරෙන් ඉල්ලා අස්වෙයි

13

ප්‍රංශයේ පරිසර අමාත්‍ය නිකලොස් හුලෝට් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සජීව ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ප්‍රංශය අනුගමනය කරන ප්‍රතිපත්ති තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමට පෙර ප්‍රංශ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පූර්ව දැනුම්දීමක් කර නොමැති බව සදහන්.

Your Comments