පකිස්තාන අගමැතිවරයා චීන ජනපති සහ අගමැති හමුවෙයි

10

දින දෙකක චීන සංචාරය අතරතුර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.
පාකිස්තාන චීන සබදතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි.
චීන අග්‍රාමාත්‍ය ලී කියෑං හමුවූ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූවා.
එහිදී ආරක්ෂක,සංස්කෘතික, ආර්ථික, වෙළෙද ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින් පින් ද හමුවුණා.
ඉන්දු කාශ්මීර අර්බුදය විසදා ගැනීමට චීන සහාය ලැබෙනු ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

Your Comments