පකිස්තාන් අගමැති සෞදි අරාබියේ සහ ඉරානයේ සංචාරයකට සැරසෙයි

12

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සහ ඉරානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ, ඉරානය සහ සෞදි අරාබියාව අතරහටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාවයි.
අදාළ අර්බුදය සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේ දී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
සෞදි අරාබියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත එල්ල වූ ප්‍රහාර වලට ඉරානය වගකිව යුතු බවට ප්‍රකාශ වීමත් සමග දෙරට අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගත්තා.

Your Comments