නොනවත්වා ගමන් කළ දීර්ඝතම ගුවන් ගමන සාර්ථකව අවසන් [VIDEO]

86

මගීන් රැගත් ගුවන් යානයක් නොනවත්වා ගමන් කළ ලෝක ඉතිහාසයේ දීර්ඝතම ගුවන් ගමන අද සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කොන්ටාස් (Qantas) ජාතික ගුවන් සේවයේ Boeing 787-9 යානයක් එම ගුවන් ගමනේ නිරත වූවා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙත මෙම ව්‍යාපාරික පංතියේ යානය නොනවත්වා ගමන් කර තිබුණා.

ඒ, මගීන් සහ කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකු ද සමඟින්.

කිලෝමීටර 16,200 ක් නොනවත්වා පියාසර කිරීම සදහා මෙම යානයට ගත වූ කාලය පැය 19යි මිනිත්තු 16 ක්.

කිසිදු වාණිජ ගුවන් යානයකට මෙතරම් දුරක් පූර්ණ මගී හා භාණ්ඩ බරක් සහිතව පියාසර කිරීමට හැකියාවක් නැහැ.

නැවත ඉන්ධන ලබා ගැනීම වළක්වා ගැනීම සඳහා යානයට ප්‍රමාණවත් ඉන්ධන පරාසයක් ලබා දීම සඳහාත්, ක්වන්ටාස් ගුවන් යානය උපරිම ඉන්ධන ඵලදායිතාව ලබා ගැනීම අරමුණු කර ගනිමින් ගමන් මලු සහ භාණ්ඩ සීමා කර තිබුණා.

බොහෝ මගීන් ගුවන් යානයට පැමිණ සිය ඔරලෝසුවල වේලාව සිඩ්නි නුවර වේලාවට සීරු මාරු කර ගෙන තිබෙනවා.

ගුවන් ගමන් ආරම්භ කර පැය හයකට පසු, ඉහළ කාබෝහයිඩ්‍රේට් ආහාරයක් මගීන්ට ලබා දුන් බවයි ගුවන් සමාගම පැවසුවේ.

ඉන් පසු මගීන ට නිදා ගැනීමට දිරිගැන්වීම සඳහා විදුලි පහන් ද අඳුරු කර ඇති බවයි වාර්ටා වූයේ.

මේ අතර ගුවන් ගමන, නිරන්තරව ඉතා ඉහළ නිරීක්ෂණයට ලක්‌ කර තිබුණා.

ගුවන් නියමුවන්ගේ මොළයේ තරංග, ලේ ගමනාගමනය් මෙන්ම මගීන් සඳහා ව්‍යායාම පංති සහ මෙතරම් කාල කලාප තරණය කිරීමේ බලපෑම විශ්ලේෂණය කිරීම ද එම රීක්ෂණයට ඇතුළත්.

Qantas සමූහයේ ප්‍රධාන විධායක ඇලන් ජොයිස් මෙලෙස සඳහන් කළා.

“ …මෙය ගුවන් ගමන් සඳහා ඉතා වැදගත් පළමු අවස්ථාවයි. එය සාමාන්‍ය සේවාවක පෙරදසුනක්… එය ලෝකයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට මිනිසුන් ගමන් කරන ආකාරය වේගවත් කරනු ඇති…..”

සිංගප්පූරු ගුවන් සේවය පසුගිය වසරේ සිංගප්පූරුවේ සිට නිව්යෝර්ක් දක්වා පැය 19කට ආසන්න ගමනක් ක්‍රියාත්මක කර තිබුණේ එය ලොව දිගම වාණිජ ගුවන් ගමන ලෙස ඉතිහාසයට එක්‌ කරමින්.

පසුගිය වසරේදී Qantas පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 17ක නොනවතින සේවාවක් ද ආරම්භ කළා.

මේ අතර කටාර් එයාර්වේස්, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් සහ කටාරයේ දෝහා අතර පැය 17.5ක සේවාවක් ක්‍රියාත්මක කරනවා.

දැනට ක්‍රියාත්මක ලොව දීර්ඝතම ගුවන් ගමන් ….

 

Your Comments