නිසර්ගා අද මුම්බායට ඇතුලු වෙයි

20

නිසර්ගා සුළි කුණාටුව අද දහවල් ඉන්දියාවේ මුම්බායි නුවරට ඇතුළුවන බව කාළගුණ අංශ පවසනවා.
පැයට කිලෝ මීටර 110ක පමණ වේගයකින් එය හඹා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් කර්නාටක, ගෝවා, මහරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රදේශවලට දැඩි වැසි ඇති ව තිබෙන බව සඳහන්.
මුම්බායි නුවරට මෙවැනි දරුණූ සුළි කුණාටුවක බලපෑම එල්ල වී ඇත්තේ 1891 වසරෙන් පසුව බවයි වාරතා වන්නේ.
මේ වන විටත් පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථානකරා යොමු කර තිබෙනවා.

Your Comments