නිරෝධායන ඇඳිරනීතියට එරෙහිව ඉතාලියේ විරෝධතා

35

ඉතාලියේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතියට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ ස්වරුපයක් ගෙන තිබෙනවා.

එරට දෙවන කොවිඩ් රැල්ළ මැඩපැවැත්වීම සඳහා රාත්‍රි කාලයේ නිරෝධායන ඇඳිරිනීිතිය පැනවීමට එරට බලධාරීන් කටයුතු කළා.

ටියුරින් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා මිලාන් නගරයේ දී කඳුළු ගෑස් භාවිත කළ බවත් නෙපල්ස් හි විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය උග්‍ර අතට පත්ව තිබූ බවත් සඳහන්.

එහිදී විරෝධතාකරුවන් පෙට්‍රල් බෝම්බ ආදි ගිණිගන්නා සුළු ද්‍රව්‍ය ආරක්ෂක අංශ දෙසට එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ල මැඩපැවැත්වීම සඳහා එරට බලධාරින් අවන්හල්, මත්පැන් අළෙවිසැල්, සිනමාශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර තිබුණා.

Your Comments