නව වෛරස් ප්‍රභේදය ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇගවීමක්

23

නව කොරෝනා වයිරස් ප්‍රභේදය ඉදිරියේ දී වඩාත් මාරාන්තික විය හැකි බවට  බ්‍රිතාන්‍ය  අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබෙනවා.

 

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කර ඇත්තේ මේ වනවිට බ්‍රිතාන්‍ය තුළ මෙම වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ වී ඇති බවයි.

මීට පෙර පැවති කොරෝනා වයිරස් ප්‍රභේදයට සාපේක්ෂව මෙම නව වයිරස් ප්‍රභේදය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නව වයිරසය සියයට තිහත් හැත්තෑවත් අතර වේගයකින් පැතිර යන අතර එහි මරණීය අවධානම දැක්වෙන්නේ සියයට තිහක් ලෙසයි.

පවතින තත්ත්වය හමුවේ පනවා ඇති නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුවනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර පුද්ගලයන් දස දහසක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වීම හේතුවෙන් හොංකො රාජ්‍යයේ කොව්ලූන් අර්ධද්වීපය දින දෙකකට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් හොංකොං පාලකයින් සඳහන් කර ඇත්තේ මෙම වසා දැමීම පැය 48 ක් පමණක් ක්‍රියාත්මක බවයි.

හොංකාං රාජ්‍යයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 168 ක්.

Your Comments