නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් රුසියාවෙනුත්

10

මුල්ම වරට බ්‍රිතාන්‍යයෙන් හදුනා ගැණුන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වන විට රුසියවෙන්ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙලෙස වෛරස් ප්‍රභේදය හදුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් බවයි වාර්තා වන්නේ.
බී -117 නමින් හදුනා ගැණුනු නව ප්‍රභේදය මේ වන විට රටවල් රැසක සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා .

මේ හේතුවෙන් ප්‍රංශයෙන් වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එත් සමග ප්‍රංශයට නව සීමාවන් පැනවීමට එරට ජනාධිපති මැක්‍රෝන් පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර බ්‍රසීලයේ සිට ජපානයට පැමිණි ගුවන් මගීන් සිව් දෙනෙකුගෙන් නව වෛරස් ප්‍රභේදයක් හදුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

මෙය එක්සත් ජනපදයේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට වාර්තා වූ වෛරස් ප්‍රභේදය වලට සමානකම් තිබුණද, මෙම විශේෂිත වර්ගය මීට පෙර දැක නැති බවයි ජපානය වාර්තා කරන්නේ .

ජපාන සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් මේ වන විට මෙම නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර තිබෙනවා

Your Comments